මොරොක්කෝවේ උතුරුදිග ඉග්රාන් නම් දුෂ්කර ගම්මානයේ ළිඳකට ඇද වැටුණු පස් හැවිරිදි දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බව මොරොක්කෝ රාජ්‍ය මාධ්‍ය නිවේදනය කරනවා.
පස් හැවිරිදි රයන් නමැති දරුවා මීටර් 32 ක් පමණ ගැඹුරු ළිඳ තුළට ඇඳ වැටී දින 4 ක් ගත වන අද දවසේදී ඔහුගේ සිරුර පොළොව මතුපිටට රැගෙන ඒමට සහන කණ්ඩායම් සමත් වුණා. කෙසේ වුවද ඒ වන විටත් එම දරුවා ජීවිතයෙන් සමුගෙන සිටි බවයි වාර්තා වන්නේ. රයන් බේරා ගැනීම සඳහා බැකෝ යන්ත්‍ර රැසක් යොදා ගනිමින් ඔහු සිරව සිටි ළිඳට සමාන්තරව කැණීම් සිදුකර දරුවා බේරා ගැනීම සහන කණ්ඩායම්වල අරමුණ වුණා. ඒ සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටින අයුරු මොරොක්කෝවේ රූපවාහිනී නාලිකාවල සජීවීව විකාශය කරනු ලැබුවා. කෙසේ වුවද සහන මෙහෙයුම් අඩාල වූයේ රයන් සිරව සිටි ළදට සමාන්තරව කැණීම් කටයුතු සිදු කිරීමේදී විටින් විට එම ප්‍රදේශය නායයාමට ලක්වීමයි. නමුත් අවසානයේ මුළු ලොවක් කම්පා කරවමින් පස් හැවිරිදි රයන් දින 4 කට පසු සිරව සිට ළිදෙන් මතුපිටට රැගෙන එන විට සිය ජීවන ගමන අවසන් කර තිබුණා.
The post මොරොක්කෝවේ ළිඳක සිරවී සිට දරුවා ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment