ලොවපුරා රටවල් 223 කින් හමුවී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තිස් නව කෝටි හතළිස් ලක්ෂය ඉක්මවා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 5,752,698ක්.
ගතවූ පැය 24 ට වැඩිම වයිරස ආසාදිත සංඛ්‍යාවක් හමුවී ඇත්තේ ප්‍රංශයෙන්. මෙම සංඛ්‍යාව දෙලක්ෂ පහළොස් දහසකට ආසන්නයි. එමෙන්ම රුසියාවෙන් එක් ලක්ෂ හැත්තෑ හත්දහසක් ද ජර්මනියෙන් එක් ලක්ෂ හැට හයදහසක් ද බ්‍රසීලයෙන් එක් ලක්ෂ පනස් හතර දහසක් ද ඇමරිකාවෙන් එක් ලක්ෂ පන්දහසක් හා ඉන්දියාවෙන් එක් ලක්ෂ තුන් දහසක් ද වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. මේ අතර ඊයේ දිනයට වාර්තාවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වන 1051 සිදුව ඇත්තේ ඇමරිකාවේ. ඒ සමඟම එරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව නව ලක්ෂ විසි පන්දහස ඉක්මවා ගියා.
The post ගතවූ පැය 24ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තා වෙයි appeared first on ITN News.
Post a Comment