අභියෝග වලට නොබියව මුහුණදෙන ශක්තිමත් නායකයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සිටින බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. මතුගම පැවැති පොදුජන පෙරමුණු කාන්තා බලමණ්ඩල රැස්වීම අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මතුගම කාන්තා බලමණ්ඩල රැස්වීම දහසකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා. පොදුජන පෙරමුණු මතුගම ප්‍රධාන ආසන සංවිධායක චන්ද්‍රබානු අධිකාරම් මහතා සහ ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ සභාපතිනි කේෂලා ජයවර්ධන මහත්මිය ද මෙම අවස්ථාවට එක්වුණා.
පොදුජන පෙරමුණු යටිනුවර කාන්තා බලමණ්ඩ රැස්වීම පේරාදෙණිය කුරුකුන්දේ විහාරස්ථානයේදි පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ද මෙම අවස්ථාවට එක්වුණා.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වැලිමඩ කාන්තා බලමණ්ඩ රැස්වීම පැවැත්වුණේ රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. වැලිමඩ වංගියකුඹුර ස්වර්ණහංස විද්‍යාලයේ පැවැති බලමණ්ඩ රැස්වීමට කාන්තාවන් විශාල පිරිසක් සහභාගී වුණා. සුදර්ශන දෙනිපිටිය, කමලා රණතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මීට එක්ව සිටියා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නාවලපිටිය කාන්තා බලමණ්ඩල රැස්වීම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. තම දේශපාලන ඉතිහාසයේ දුටු අසාර්ථකම දේශපාලනඥයා සජිත් ප්‍රේමදාස මහතා බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා. රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post පොදුජන පෙරමුණු කාන්තා බලමණ්ඩල රැස්වීම් ප්‍රදේශ කිහිපයකදී appeared first on ITN News.
Post a Comment