Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදුලිය කපනවාද ? නැද්ද? තීරණය අගහරුවාදාට කල් යයි  

Add comments

පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් යන මාස 3 සදහා විදුලිය ලබාදීමට අවශ්‍ය කටයුතු පිළිබද සොයා බැලීම සදහා විශේෂ සාකච්ඡාවක් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේදී අද පැවැත්වුණා.

ඒ මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති හා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන්.

කෙසේ වෙතත් අදාළ සාකච්ඡාවේ තින්දු තීරණ පිළිබදව ලබන අගහරුවාදා මාධ්‍ය දැනුවත් කරන බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සදහන් කළේ.

ඉදිරි කාලයේදී විදුලිය ලබාදීම සදහා අවශ්‍ය ඉන්ධන සහ ජල සැපයුමේ අර්බුදයක් මතුව තිබෙනවා. ජල විදුලි බලාගාරවල ද ජල මට්ටම් දරුණු ලෙස පහළ බසිමින් තිබෙන පසුබිමක මවුස්සාකැළේ, කොත්මලේ, වික්ටෝරියා සහ රන්දෙණිගල ආදී ජලාශ මෙම අර්බුදයට මුහුණ පා තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව පවසන්නේ විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබා දුනහොත් රටේ අනෙකුත් කාර්යයන් සදහා ඉන්ධන හිගවීමට ඉඩ ඇති බවයි. මෙවන් පසුබිමක විදුලි පරිභෝජනය අවම කිරීම වඩාත් කාලෝචිත විසදුමක් වනු ඇති බවයි විදුලි ඉංජිනේරු සංගමය අවධාරණය කරන්නේ.

 

 

 

 

The post විදුලිය කපනවාද ? නැද්ද? තීරණය අගහරුවාදාට කල් යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG