චීනයේ බීජිං අගනුවරට හිම කුණාටුවක් ඇති විය හැකි බවට කාලගුණ අංශ අනතුරු අගවනවා.
බීජිං නගරයට මේ වනවිටත් අධික හිම පතනයක් සිදුවන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. බීජිං නගරයේ ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර 40 ඉක්මවූ හිම පතනයක් සිදුව තිබෙනවා. අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් වැළකී සිටින ලෙසයි බලධාරීන් දැනුම්දී ඇත්තේ. බීජිං නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 6 ක් තරම් පහළ අගයක පවතිනවා. මේ අතර පසුගිය 4 වනදා ආරම්භවූ බීජිං ශීත සෘතු ඔලිම්පික් තරගාවලියට ද හිම පතනයෙන් බාධා සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
The post චීනයේ බීජිං අගනුවරට හිම කුණාටු අවදානමක් appeared first on ITN News.
Post a Comment