ජනතාවට ලබාදුන් පොරොන්දු යථාර්ථයක් බවට පත්කිරීමේදී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය වැදගත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා.
විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තියවේදීන් සමග කෙරෙන සම්මන්ත්රණ මාලාවේ පළමු සාකච්ඡා වටයට එක්වෙමිනුයි ජනාධිපතිතුමා මේ බව සදහන් කළේ. කොවිඩ් වසංගතය පාලනය කරමින් රටේ සංවර්ධන කාර්යයන් ද මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දෙවසරකට ආසන්න කාලයක් රට වසා තැබීමෙන් බිද වැටුණු ආර්ථිකය ක්‍රමයෙන් ගොඩනැගෙමින් ඇති බවයි ජනාධිපතිතුමා මෙහිදි සදහන් කළේ. ජනාධිපතිතුමා අපේක්ෂා කරන ඉලක්ක ජය ගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදෙමින් ජාතික වැඩපිළිවෙල විජයග්‍රහණය කිරීමට තවදුරටත් කැපවන බවයි සාකච්ඡාවට එක්වූ වෘත්තියවේදීන් කියා සිටියේ. සමස්ත ලෝකයම දැඩි අර්බුදයක පසුවන අවස්ථාවක ශ්‍රී ලංකාව ක්‍රමානුකූලව ඉදිරියට යමින් සිටින බව ද ඔවුන් පෙන්වා දුන්නා.
ජනාධිපතිතුමා ආරම්භ කළ කෘෂිකර්මාන්තයේ නව ප්‍රවේශයට පර්යේෂකයන්ගේ සහ ව්යයවසායකයන්ගේ සහාය ඕනෑම අවස්ථාවක ලබාදීමට සූදානම් බව ද එම ක්ෂේත්රවල ප්‍රවීණයන් මෙහිදි කියා සිටියා. පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු වීමේ අවශ්‍යතාව පෙන්වා දුන් විද්වතුන් රජයට කොන්දේසි විරහිතව ඒ සදහා සහාය දෙන බවද පැවසුවා. මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
The post ජනතා පොරොන්දු යථාර්ථයක් කිරීමේ දී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය වැදගත් නැහැ appeared first on ITN News.
Post a Comment