1945 වසරෙන් පසු යුරෝපයේ දැවැන්තම යුධ ගැටුමට රුසියාව පිඹුරුපත් සකසමින් සිටින බවට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අනතුරු අඟවනවා.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට අවශ්‍ය සියලු කටයුතු සුදානම් කර අවසන් බවයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. යුක්රේනය ආක්‍රමණය කිරීමට තමාට කිසිඳු අදහසක් නොමැති බව ජනාධිපති ව්ලැඩ්මිර් පුටිං පැවසුව ද එළඹෙන ඕනෑම මොහොතකදී ඔවුන්ට යුද්ධයක් ආරම්භ කිරීමේ හැකියාව පවතින බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙන්නේ. රුසියා යුක්රේන දේශසීමා ආසන්නයට රුසියා යුධ සෙබලුන් ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් කැඳවා ඇති බව ද ඔහු පවසනවා.
The post යුරෝපයේ දැවැන්තම යුධ ගැටුමට රුසියාව පිඹුරුපත් සකසමින් සිටින බවට බ්‍රිතාන්‍ය අගමැති අනතුරු අඟවයි appeared first on ITN News.
Post a Comment