තුර්කි ජනාධිපති තයිෆ් එර්දෝගන් හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව එරට ජනාධිපති මන්දිරය නිවේදනය කරනවා.
තුර්කි ජනාධිපතිවරයා කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඊයේ දිනයේදී පරීක්ෂණයට ලක් කෙරුණු අතර ජනාධිපතිවරයාට හා එම ආර්යාවට වයිරසය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. කෙසේ වුවද ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවද සඳහන්. යුක්රේනය හා රුසියාව අතර හටගෙන ඇති මතභේදාත්මක ගැටුම් සමථයකට පත් කිරීමට තමා මැදිහත්කරුවෙකු වී සාම සාකච්ඡා පැවැත්වීමට සූදානම් බවද තුර්කි ජනාධිපතිවරයා ඊයේ සඳහන් කළා.
The post තුර්කි ජනපතිට කොරෝනා ආසාදනය වෙයි appeared first on ITN News.
Post a Comment