වැඩ වර්ජනය කර අහිංසක රෝගීන් අපහසුතාවට පත්කරන සෞඛ්‍ය වෘත්තීය සමිති විරෝධතා රැළියක් ද පවත්වමින් ජනතාව තවත් දුෂ්කරතාවට පත් කරමින් සිටිනවා. විරෝධතා රැලිය හේතුවෙන් මේ වන විට ටවුන්හෝල් අවට විශාල රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
සෞඛ්‍ය වෘත්තීය සමිති සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා. මේ අතර රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති හිමියන් පවසන්නේ මෙවැනි කඩාකප්පල්කාරීන්ට පැය 24ක් ඇතුළත දඩුවම් ලබා දිය යුතු බවයි.
වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වනවා. ඊට විසදුම් ලබාදීම සදහා සෞඛ්‍ය වර්ජකයන් සහ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමග සාකච්ඡාවක් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වෙනවා. එසේ තිබියදී සෞඛ්‍ය වෘත්තීයවේදීන් විරෝධතා රැළියක් සහ පාගමනක් අද පෙරවරු 10.00ට විහාරමහා දේවී උද්‍යානයෙන් ආරම්භ කළා. සෞඛ්‍ය අමාත්‍යාංශ දක්වා ගමන් කරන මෙම පෙළපාලිය හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් සිදුව තිබෙනවා.
මේ අතර මෙවැනි කඩාකප්පල්රීන්ට දැඩි දඩුවම් ලබාදිය යුතු බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් රජයෙන් ඉල්ලා සිටිනවා. අසරණ රෝගින් ගැන නොසිතා දේශපාලන අරමුණු වෙනුවෙන් ඔවුන් වැඩවර්ජනය කරන බවටයි උන්වහන්සේ චෝදනා කරන්නේ.
වසංගතයක් පවතින අවස්ථාවක මෙන්ම උසස්පෙල දරුවන් විභාගයට යන කාල පරිච්ඡේදයක වැඩවර්ජනවලට එක් නොවී රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය රෝගීන් වෙනුවෙන් සිය සේවය ලබා දෙන බවයි ජාතික රෝහලේ ප්‍රධාන පුහුණු හෙද නිලධාරිනිය පවසනවා.
කොවිඩ් වසංගතයට අමතරව ඩෙංගු සහ වයිරස් උණ රෝගයක් ද පැතිර යන මේ අවස්ථාවේ සෞඛ්‍ය සේවකයක් වැඩවර්ජනයක නිරත වීම දැඩි අමානුෂික ක්‍රියාවක් බව රෝගීන් පවසනවා. ඔවුන්ගේ ඉල්ලීම් ලබාගැනීමට තමන් බිල්ලට ගැනීම අසාධාරණ බවයි රෝගීන් පවසන්නේ. අද දිනයේද ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් වෙත පැමිණි රෝගීන්ට සිදුවුයේ හිස් අතින් ආපසු යාමටයි.
The post ප්රශ්නය විසඳාගන්න සෞඛ්‍ය ඇමති වෘත්තීය සමිතිවලට අවස්ථාවක් දෙයි appeared first on ITN News.
Post a Comment