Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීන ශ්‍රී ලංකා අගමැතිවරුන් අතර දුරකථන සංවාදයක්  

Add comments

චීන අගමැති ලීක ච්‍යන් මහතා ආරාධනාවකට අනුව ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ දුරකථන සංවාදයක නිරත වෙයි. එය ඊයේ ( 22 ) පස්වරුවේ සිදුවිය. චීනය සහ ශ්‍රී ලංකාව ගැඹුරු සාම්ප්‍රදායික මිත්‍රත්වයක් භුක්ති විඳින රටවල් වන අතරම එකිනෙකාගේ උපායමාර්ගික හවුල්කරුවන් බව ලීක ච්‍යන් මහතා පැවසීය. දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කිරීම, සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සහාය ශක්තිමත් කිරීම, විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව ගැඹුරු කිරීම සහ ද්විපාර්ශ්වික සබඳතාවල හිතකර සහ ස්ථාවර වර්ධනය
ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටී.

ශ්‍රී ලංකාවට හදිසි මානුෂීය ආධාර ලබා දීම පිළිබඳව චීනයට ස්තූතිය පළ කළ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා, දුෂ්කර අවස්ථාවක දී ශ්‍රී ලංකාවට ලබා දුන් චීනයේ ශක්තිමත් සහයෝගය අගය කළ අතර,
චීනය සමඟ මූල්‍ය, ආර්ථික සහ වෙළඳ, සංචාරක සහ වෙනත් ක්ෂේත්‍රවල සහයෝගීතාවන් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් සිටින බව ප්‍රකාශ කළේය.

The post චීන ශ්‍රී ලංකා අගමැතිවරුන් අතර දුරකථන සංවාදයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG