Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විරෝධතාවලට වෙඩි තබන්න උපදෙස් දුන්නේ නැහැ – පොලිස්පති  

Add comments

විරෝධතා පාලනය කිරීමට තුවක්කු භාවිත නොකරන්නැයි තමන් උපදෙස් දී තිබියදී රඹුක්කන සිදුකළ වෙඩි තැබීම  සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට එරෙහිව විනයානුකූල පියවර ගැනීමට කටයුතු කරන බව පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා පවසනවා.

රඹුක්කන සිද්ධියේදී ටී 56 වර්ගයේ ගිනි අවි 4ක් හා උණ්ඩ 35ක් භාවිත කර ඇති බව අධිකරණයේදී හෙළිවුණා.

රඹුක්කන ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා පොලිස්පතිවරයා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත කැදවා තිබුණා. මානව හිමිකම් කොමිසම සිදුකරන්නේ අධිකරණමය ක්‍රියාමාර්ගයක් බව ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා. මානව හිමිකම් කොමිසමත් පොලිසියත් එක්ව එම කාර්යය ඉටු කිරීම සදහා එකගවූ බවයි පොලිස්පතිවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කර ඇත්තේ. මෙම නිලධාරීන් ලබන සදුදා යළි කොමිසම හමුවට කැදවා තිබෙනවා.

රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සාක්ෂි විමසීම අද දිනයේත් සිදුකෙරෙනවා. සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් මේ වනවිටත් සාක්ෂි ලබාගෙන තිබෙනවා. අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥවරුන් 23 දෙනෙකු පෙනීසිටින බවයි අප වාර්තාකරු පවසන්නේ. පොලීසිය පාර්ශවය වෙනුවෙන් නීති කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අසංක කරවිට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුනිල් කුලරත්න යන මහත්වරුන් පෙනීසිටිනවා.

රඹුක්කන නරගයේ පසුගියදා ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් 29 දෙනෙකු තුවාල ලැබුවා. පොලිස් නිලධාරීන් 15 දෙනෙකු හා සිවිල් පුද්ගලයන් 14 දෙනෙකු මෙම පිරිසට ඇතුළත්. සිද්ධියෙන් මියගිය චමින්ද ලක්ෂාන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි. පොලිස්පතිවරයාගේ ඉල්ලීම අනුව ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට යුද හමුදාව අනුයුක්ත කර තිබෙනවා.

උද්ඝෝෂණයේදී මිය ගිය චමින්ද ලක්ෂාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එක්ව සිටියා. එමෙන්ම චමින්දගේ බිරිදට හා දරුවන් දෙදෙනාට මුදල් පරිත්‍යාගයක් ද සිදුකළා. එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සන්දිත් සමරසිංහ මහතා දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමට ගිය අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

 

The post විරෝධතාවලට වෙඩි තබන්න උපදෙස් දුන්නේ නැහැ – පොලිස්පති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG