රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භයක් පමණක් බව යුක්‍රේන ජනාධිපති වොලදිමීර් සෙලෙන්ස්කි පවසනවා. ඔවුන්ගේ සැලැස්ම යටතේ ඉදිරියේදී තවත් රටවල් කිහිපයක් ආක්‍රමණය කිරීමට නියමිත බවද යුක්‍රේන ජනාධිපතිවරයා කියා සිටියා.
මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් යුක්‍රේන ජනාධිපතිවරයා සදහන් කළේ යුක්‍රේනයේ දකුණුදිග ප්‍රදේශ යටත් කර ගැනීමෙන් පසු රුසියා හමුදා මෝල්ඩෝවා කලාපය වෙත යොමු වීමේ සැලැස්මක් ඇති බවයි. රුසියා හමුදා ප්‍රධානියෙකුගේ අදහස් දැක්වීමට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියා. අදාළ හමුදා ප්‍රධානියාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විරෝධය පෑමට මෝල්ඩෝවා රාජ්‍ය රුසියා තානාපතිවරයා කැදවා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාකළේ. රුසියාව එල්ලකරන දැඩි ප්‍රහාර හමුවේ මේ වන විටත් සිවිල් වැසියන් ලක්ෂයට ආසන්න පිරිසක් මරියුපෝල් හි සිරවී සිටින බව යුක්‍රේනයේ උප අග්‍රාමාත්‍යවරිය සදහන් කළා. යුක්‍රේනයේ මරියුපෝල් නගරයේ දැවැන්ත සංහාරයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. ගුවනින් ලබා ගත් ඡායාරූප හා වීඩියෝ විශ්ලේෂණය කිරීමේදී පෙනී ගොස් ඇත්තේ මරියුපෝල් නගරයේ දේපළ හා ජීවිත විශාල වශයෙන් විනාශ වී ඇති බවයි. පසුගිය දින කිහිපය තුලදීම මරියුපෝල් ආශ්‍රිතව දැඩි ගැටුම්කාරී තත්ත්වයක් පැවති අතර ඊයේ දිනය වන විට එම ප්‍රදේශය සම්පුර්ණයෙන්ම පාහේ රුසියා හමුදා අතට පත්ව තිබෙනවා.
The post යුක්‍රේන ජනපති හෙළිකරන රුසියාවේ ඉදිරි සැලැස්ම appeared first on ITN News.
Post a Comment