යුක්රේනයේ හමුදා ඉලක්ක දාහතකට අධි සංවේදී මිසයිල යොදා ගනිමින් ප්‍රහාර එල්ල කළ බව රුසියා ආරක්ෂක අංශ සදහන් කරනවා.
රුසියා ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරන්නේ එම ප්රහාරවලදී යුක්රේන සන්නද්ධ රථ 23 ක් සහ යුක්රේන සෙබලුන් 200 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බවයි. එමෙන්ම හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානයක් මෙන්ම රොකට් සහ කාලතුවක්කු ගබඩාවක් ද විනාශ කළ බවයි රුසියා ආරක්ෂක අංශ සදහන් කරන්නේ.
මේ අතර රුසියාව මුළුමනින්ම අල්ලාගෙන ඇති මරියුපෝල් වරාය නගරයේ වානේ කම්හලේ සිරවී සිටි සිවිල් වැසියන් 20 දෙනෙකු ඉන් පලායාමට සමත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මරියුපෝල් නගරයේ උමං මාර්ගවල තවදුරටත් සිවිල් වැසියන් සහ යුක්රේන හමුදා විශාල පිරිසක් රැදී සිටින බවද සදහන්.
The post යුක්රේනයේ හමුදා ඉලක්ක 17 කට රුසියාවෙන් අධි සංවේදී මිසයිල ප්‍රහාර appeared first on ITN News.
Post a Comment