වසර දෙකකට පසු විදෙස් සංචාරකයින් සඳහා නවසීලන්තයේ දේශ සීමා අද සිට විවෘත වනවා.
කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් 2020 වසරේ මාර්තු මාසයේ දී නවසීලන්තය එරට දේශසීමා වසා දැමුවා. නමුත් පසුගිය මාර්තු මාසයේ සිට ඕස්ට්‍රේලියානු ජාතිකයින්ට පමණක් නවසීලන්තයට ඇතුළුවීමට අවසර හිමිවුණා. කෙසේ වුවද අද සිට නවසීලන්තයේ දේශසීමා විවෘත කිරීමත් සමඟ රටවල් 60 ක සංචාරකයින්ට එරටට ඇතුළුවීමට අවසර හිමිවනවා. ඔවුන් සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටිය යුතු අතර කොරෝනා ආසාදිතයෙකු නොවන බවට තහවුරු කළ යුතුයි. කොරෝනා වයිරස ව්‍යාප්තිය සාර්ථකව පාලනය කළ රටක් ලෙසයි නවසීලන්තය හැඳින්වෙන්නේ.
The post විදෙස් සංචාරකයින් සඳහා නවසීලන්තයේ දේශ සීමා අද සිට විවෘතයි appeared first on ITN News.
Post a Comment