ඉන්දියාවේ ගොවි ජනතාව මාස 7 කට පසු යළි විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම් වනවා.
ඉන්දීය රජය හදුන්වා දී තිබෙන කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණවලට විරෝධය පළ කරමිනුයි මෙම විරෝධතාවලට ගොවි ජනතාව යොමුව ඇත්තේ. 2020 වසරේ නොවැම්බර් මාසයේදී පළමු වරට ගොවි උද්ඝෝෂණ ආරම්භ වුණා.
දස දහස් සංඛ්‍යාත ගොවි ජනතාවක් දිල්ලි අගනුවරට රැස් වී රජය හදුන්වා දී තිබූ ප්‍රධාන නීති තුනකට විරෝධය පළ කළා. කෘෂි නිෂ්පාදන අලෙවිය මිල කිරීම සහ ගබඩා කිරීම සම්බන්ධයෙන් මෙහිදී ගොවි ජනතාවට දැඩි අවාසියක් සිදුවන බවයි ඔවුන් චෝදනා කළේ.
විවෘත වෙළෙදපොළ තරගය තුළින් ගොවීන් ආරක්ෂා කර ගැනීම සදහා ඉන්දියාව තුළ දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක වන නීති නව ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය වනවා.
The post ඉන්දියාවේ ගොවීන් යළි විරෝධතාවක් ආරම්භ කිරීමට සූදානම් appeared first on ITN News.
Post a Comment