යුරෝපා කලාපයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින බවට කාලගුණ අංශ අනතුරු අගවනවා.
යුරෝපා කලාපයේ ප්‍රංශය, ස්පාඤ්ඤය, ග්‍රීසිය, පෘතුගාලය හා බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් රැසක උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක 40 ඉක්මවා තිබෙනවා. උතුරුදිග ස්පාඤ්ඤයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 43 ක් ලෙසයි දැක්වෙන්නේ. ප්‍රංශයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 ඉක්මවා ඇති බව ද සදහන්. අධික උෂ්ණත්වයත් සමග ලැව් ගිනි හටගැනීමත් සමග ප්‍රංශයේ අක්කර 50,000 කට ආසන්න සංඛ්‍යාවක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි මාධ්‍ය සදහන් කරන්නේ. සාමාන්‍ය වැසියන් 30,000 ක අධික සංඛ්‍යායක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.
The post යුරෝපා කලාපයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට appeared first on ITN News.
Post a Comment