මොන්ටිනීග්‍රෝ රාජ්‍යයේ පවුල් ආරවුලක් නිසා සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එකම පවුලේ පුද්ගලයන් තුන්දෙනෙකුට තුවක්කුකරුවෙකු වෙඩි තබා පසුව අවට මාර්ගයේ ගමන් කළ පුද්ගලයන්ටද වෙඩි තබා තිබෙනවා. වෙඩි තැබීම සිදුකර ඇත්තේ 34 හැවිරිදි පුද්ගලයෙකුයි. ඔහු මෙම අපරාධය සිදු කිරීමට හේතු වූයේ කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි මොන්ටිනීග්‍රෝ පොලිසිය සඳහන් කළේ. සිද්ධියෙන් තුවාල ලැබූ හයදෙනෙකු මේ වන විට රෝහල්ගත කර තිබෙනවා. මොන්ටිනීග්‍රෝ රජය දින තුනක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
The post මොන්ටිනීග්‍රෝ රාජ්‍යයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment