පිහි ඇනුමකට ලක් වූ ලෝකප්‍රකට ගත් කතුවරයෙකු වූ සල්මාන් රෂ්ඩිගේ තත්ත්වය තරමක් බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
නිව්යෝර්ක් ප්‍රාන්තයේ වැඩසටහනකට එක්ව සිටියදී වේදිකාව මතදී මෙම පිහි ඇනුම සිදු වුණා. සල්මාන් රෂ්මිට කතා කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බවයි වාර්තා වන්නේ. ඔහු මේ වන විට ශ්වසනාධාර යන්ත්‍රවලට සම්බන්ධ කර තිබෙනවා.
ඉස්ලාම් ධර්මය විවේචනය වන ආකාරයට 1988 වසරේදී කෘතියක් රචනා කිරීම හේතුවෙන් සල්මාන් රෂ්මිට දීර්ඝ කාලයක් පුරා මරණ තර්ජන එල්ල වී තිබුණා. ඊයේ දිනයේ පිහි ඇනුම සිදුකර ඇත්තේ හදී මතාර් නමැති අන්තවාදී මතවලින් පෝෂනය ලැබූ විසිහතර හැවිරිදි පුද්ගලයෙකු බවයි ඇමෙරිකා පොලිසිය සදහන් කළේ. ඔහුගේ බෙල්ලට සහ බඩට පිහි ඇනුම් සිදුව තිබෙනවා.
The post පිහි ඇනුමකට ලක් වූ ගත් කතුවර සල්මාන් රෂ්ඩිට බරපතලයි appeared first on ITN News.
Post a Comment