ඉන්දියාවේ 75 වන නිදහස් දින සැමරුම අදට යෙදී තිබෙනවා.
1947 වසරේ අගෝස්තු 15 වන දින ඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබුවා. 75 වන නිදහස් දින සැමරුම ඉන්දියාවේ රතු චතුරශ්‍රයේ දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඉන්දියාවේ ශක්තිය රදාපවතින්නේ එරට ජන විවිධත්වය මත බව උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කළා. බිලියන එකයි දශම තුනයි අටක් වන එරට ජනගහනය ඉන්දියාවේ ඉදිරි ගමන තීරණය කරන බවයි ඔහු තවදුරටත් සදහන් කළේ. ඉදිරි වසර 25 ඇතුළත ඉන්දියාව සංවර්ධිත රටක් බවට පත්කරන බවට ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙහිදී ප්‍රතිඥා ලබාදුන්නා. ලොව දැවැන්තම ප්රජාතන්ත්රවාදී රාජ්‍ය ලෙස සැලකෙන ඉන්දියාව මේ වනවිට ලොව පස්වන ආර්ථිකයට හිමිකම් කියනවා. එමෙන්ම ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයින් සියයට 3.28 කට හිමිකම් කියන්නේ ද ඉන්දියාවයි.
The post ඉන්දියාවේ 75 වන නිදහස් සැමරුම අදයි appeared first on ITN News.
Post a Comment