Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිස්ත්‍රික්ක 9කට අධික වර්ෂාව පිළිබඳ අධි අවදානම් නිවේදනයක්  

Add comments

හෙට (04) පෙරවරු 08.30 දක්වා බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 12 කට තද වැසි සහ තද සුළං පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්  අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නිරිතදිග මෝසම් සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල සහ දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකියි. (අධික වර්ෂාව සහිත අධි අවදානම් කලාප තද රතු පැහැයෙන් සළකුණු කර ඇත)

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුර, උතුරු-මැද, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට පැ.කි.මී.50ක පමණ තද සුළං බලාපොරොත්තු විය හැකියි.

The post දිස්ත්‍රික්ක 9කට අධික වර්ෂාව පිළිබඳ අධි අවදානම් නිවේදනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG