අද සිට නවසීලන්තයේ දේශසීමා සංචාරකයින් සදහා සම්පූර්ණයෙන්ම විවෘත කෙරුණා.
කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීමට දැඩි නීති පනවා තිබූ රටක් ලෙස නවසීලන්තය හැදින්විය හැකියි. වසර දෙකකට පමණ ආසන්න කාලයකට පසු පනවා තිබු නිරෝධායන නීති පසුගිය පෙබරවාරි මාසයේදී ලිහිල් කෙරුණා. එමෙන්ම පසුගිය මැයි මාසයේදී රටවල් 50 ක සංචාරකයින් සදහා නවසීලන්තයට ඇතුළුවීමට අවසර හිමිවූ අතර අද සිට ඕනෑම රටක පුරවැසියෙකුට එරටට පැමිණීමට අවස්ථාව හිමිවනවා. ඒ යටතේ සංචාරකයින්, සිසුන් හා කෘෘස් නෞකා සදහා නවසීලන්තයට ඇතුළුවීමට හැකියි. කෙසේ වුවද ඔවුන් සියලුදෙනා වයිරසයට එරෙහි එන්නත් ලබා තිබිය යුතු අතර නිරෝධායනයට ලක්වීමක් අවශ්‍ය වන්නේ නැහැ.
The post නවසීලන්තයේ දේශසීමා සංචාරකයින් සදහා සම්පූර්ණයෙන්ම විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment