ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ගේ ෆ්ලොරීඩාහි පිහිටි නිවස හදිසි වැටලීමකට ලක් කිරීම සම්බන්ධයෙන් රිපබ්ලිකන් පක්ෂය දැඩි විරෝධය පළකරනවා.
හිටපු ජනාධිපතිවරයාට අයත් ෆ්ලොරීඩා ප්රාන්තයේ පාම් වෙරළ තීරයේ පිහිටා ඇති මාර් ඒ ලාගෝ නිවස එෆ්බීඅයි සංවිධානය විශේෂ පරීක්ෂාවකට ලක්කළා.
හිටපු ජනාධිපතිවරයා ජාතික ලේඛනාගාරයට ලබාදිය යුතු රහස් ලේඛන රැසක් එම නිවසේ තිබූ බවට ඇති වූ සැකයක් මත මෙම පරීක්ෂාව සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වුවද පරීක්ෂණ කටයුතු සිදුවන අතරවාරයේම ඩොලනල්ඩ් ට්රම්ප්ගේ පාක්ෂිකයින් නිවස ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වූවා.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් එෆ්බීඅයි සංවිධානය වහාම කරුණු පැහැදිලි කිරීමක් සිදුකළ යුතු බවයි රිපබ්ලිකන් පාක්ෂිකයින් සඳහන් කරන්නේ.
එම පරීක්ෂා කිරීම දේශපාලනික වුවමනාවක් මත සිදුවූ අතර 2024 ජනාධිපතිවරණයට තමාගේ ඉදිරිපත්වීම වැළැක්වීමට මෙවැනි කටයුතු සිදුකරන බවටයි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් චෝදනා කරන්නේ.
The post ට්රම්ප් නිවස හදිසි වැටලීමකට ලක් කිරීම ගැන රිපබ්ලිකන් පක්ෂයේ දැඩි විරෝධය appeared first on ITN News.
Post a Comment