Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුද ගැටුම් අවසන් කරන්නේ මෙහෙමයි – යුක්රේන ජනපතිගෙන් ප්‍රකාශයක්  

Add comments

ක්‍රිමියා ප්‍රදේශය යුක්රේනයට නැවත කරගැනීමත් සමඟ රුසියා යුක්රේන යුද ගැටුම් අවසන් වන බව ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි පවසනවා.

2014 වසරේ සිට ක්‍රිමියා ප්‍රදේශය යුක්රේනයෙන් වෙන්ව රුසියා පාලන බලය යටතේ පවතිනවා. දැනට පවත්නා යුද ගැටුම් අවසන් කිරීමට නම් එම ප්‍රදේශය නැවත යුක්රේනයට අයත්විය යුතු බවයි යුක්රේන ජනාධිපතිවරයා පවසන්නේ.

මේ අතර රුසියා ගුවන් හමුදා කදවුරක් පිහිටා ඇති ප්‍රදේශයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. කෙසේ වුවද එම ප්‍රහාරය යුක්රේන හමුදාව සිදු නොකළ බවයි ඉහළ පෙළේ හමුදා නිලධාරියෙකු මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

බටහිර ක්‍රිමියා ප්‍රදේශ ඉලක්ක කර ගනිමිනුයි ඊයේ දිනයේදී මෙම මිසයිල ප්‍රහාර එල්ලවී ඇත්තේ. එම ප්‍රහාරයන්ගෙන් සාමාන්‍ය වැසියන් 8 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

 

 

The post යුද ගැටුම් අවසන් කරන්නේ මෙහෙමයි – යුක්රේන ජනපතිගෙන් ප්‍රකාශයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG