චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලය හා රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය විසින් අද (10) එම ධවල පත්‍රිකාව නිකුත් කරන ලදි. චීන කොමියුනිස්ට් පක්ෂය සැමවිටම තායිවාන ප්‍රශ්නය විසඳීම හා රටේ සම්පූර්ණ එක්සත්භාවය ඉටුකිරීම සිය අනවරත ඓතිහාසික මෙහෙවරක් ලෙස සලකා ක්‍රියා කර තිබේ. ‘සාමකාමී එක්සත්භාවය, එක් රටක් ක්‍රම දෙකක්’ යන්න තායිවාන ප්‍රශ්නය විසඳීමේ මූලික ක්‍රියාමාර්ගය මෙන්ම රටේ එක්සත්භාවය ඉටුකිරීමේ මනාමක්‍රමය බව අනිවාර්ය පිළිගැනීමය. චීන කොමියුනිස්ට් පක්ෂය හා රජය උපරිම අවංකත්වයෙන්, උපරිම ප්‍රයත්න දරමින් සාමකාමී එක්සත්භාවය ඉටුකිරීම ප්‍රවර්ධනය කිරීමෙහි අඛණ්ඩව නිරත වන බව එම ධවල පත්‍රිකාවේ දැක්වේ.
‘එක් රටක් ක්‍රම දෙකක්’ ප්‍රතිපත්තියට අනුව තායිවාන සමුද්‍ර සන්ධි දෙපස අතර සාමකාමී එක්සත් භාවය සාක්ෂාත් කර ගැනීම, රටේ සංවර්ධනය හා චීන ජාතිකයින්ගේ දැවැන්ත පුනර්ජීවනයට නව පිටුබලයක් ලබාදෙනු ඇත. ඉන් තායිවාන ප්‍රදේශයේ සමාජ ආර්ථික සංවර්ධනයට විශාල අවස්ථා ගෙනදෙනු ඇති අතර තායිවාන ස්වදේශිකයින්ට ද ප්‍රායෝගික ප්‍රතිලාභ හිමිවනු ඇත. සාමකාමී එක්සත්භාවය ඉටුකිරීම, චීන ජනතාවට මෙන්ම, ජගත් ප්‍රජාව හා ලෝකවාසීන්ටද සුබ සෙතක් බව එම ධවල පත්‍රිකාව පෙන්වාදී තිබේ.
The post ‘තායිවාන ප්‍රශ්නය හා නවයුගයේ චීනයේ එක්සත් ව්‍යායාමය’ නමැති ධවල පත්‍රිකාව නිකුත් කෙරේ appeared first on ITN News.
Post a Comment