මාර්තු 31 වනදා සිට මැයි 15 වනදා දක්වා රට තුළ පැවති වාතාවරණය සමඟ සිදු වූ ජීවිත හා දේපල හානි පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝකර තිබෙනවා.
එම කොමිසම පත් කර තිබුණේ අදාළ සිද්ධීන් පිළිබඳ සොයා බලා අගෝස්තු 31 වන දිනට පෙර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දන්වමින්.
කෙසේ වෙතත් එහි කාලය ලබන නොවැම්බර් මස 30 වනදා දක්වා දීර්ඝ කිරීමටයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා තීරණය කර තිබෙන්නේ.
The post ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝකරයි appeared first on ITN News.
Post a Comment