රට ගැන සිතා සියලු දේශපාලන පක්ෂ සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්විය යුතු බව අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජගිරිය කලපලුවාව ගෝතම තපෝවන විහාරස්ථානයට ඊයේ පස්වරුවේ පැමිණ මහනායක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තා. ජනාධිපතිතුමා මෙහිදී ආගමික වතාවත්වල ද නිරත වුණා. අනතුරුව මහ නායක ස්වාමීන් වහන්සේ සමඟ ජනාධිපතිතුමා සාකච්ඡා කළා. ධාතු මන්දිරය වෙත ගිය ජනාධිපතිතුමා එහිදී ආගමික වතාවත්වල නිරත වූ අතර මහා සංඝරත්නය එහිදී සෙත් පිරිත් සජ්ඣායනා කරමින් ජනාධිපතිතුමාට ආශිර්වාද කළා. කෘෂිකර්මාන්තයට මුල්තැන දී රට ස්වයංපෝෂිත කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කළ යුතු බව අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහ නායක ස්වාමීන් වහන්සේ මෙහිදී ප්‍රකාශ කළා. කුසලතාව මත පදනම්ව රැකියා අවස්ථා ඉලක්ක කරගත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීම මෙන්ම අනාගත ලෝකය ජයගත හැකි සුදුසු විෂයන් පාසල් විෂය මාලාවට ඇතුළත් කළ යුතු බවද උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කළා.
The post ජනපති අමරපුර මහ නිකායේ මහා නාහිමියෝ බැහැදකි appeared first on ITN News.
Post a Comment