බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
වැසි තත්ත්වය: කොළඹ සිට ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැක.
සුළඟ: දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි වේ.
මුහුදේ ස්වභාවය: පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මදවශයෙන්රළු වේ.
එබැවින්, පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල කටයුතු කරන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරනමෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ප්‍රධානනගර සදහා කාලගුණ අනාවැකිය | දිනය : | 2022-08-09 | |||
නගරය | උෂ්ණත්වය(සෙ. අංශක) | සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) | කාලගුණය | ||
උපරිම | අවම | උපරිම | අවම | ||
අනුරාධපුරය | 31 | 25 | 85 | 60 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව | 34 | 24 | 80 | 40 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
කොළඹ | 30 | 26 | 85 | 75 | වැසි ස්වල්පයක් |
ගාල්ල | 29 | 26 | 90 | 85 | සිහින් වැසි වාර කිහිපයක් |
යාපනය | 31 | 27 | 80 | 75 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර | 27 | 23 | 90 | 70 | වැසි ස්වල්පයක් |
නුවරඑළිය | 17 | 13 | 90 | 80 | වැසි ස්වල්පයක් |
රත්නපුරය | 30 | 24 | 85 | 70 | වැසි වාර කිහිපයක් |
ත්‍රිකුණාමලය | 34 | 25 | 85 | 50 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මන්නාරම | 30 | 27 | 90 | 75 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
The post අද කාලගුණය : ප්‍රදේශ කිහිපයකට වැසි ස්වල්පයක් appeared first on ITN News.
Post a Comment