ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆ්ලොරීඩාහි පිහිටි නිවස එෆ්බීඅයි සංවිධානය හදිසියේ වටලා ඇති බව ට්‍රම්ප් නිවේදනය කරනවා.
කිසිදු පෙර දැනුම්දීමකින් තොරව තම නිවසට ඇතුළු වී එය පරීක්ෂා කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බවයි හිටපු ජනාධිපතිවරයා සදහන් කරන්නේ. එෆ්බීඅයි සංවිධානයෙන් හෝ ඇමෙරිකා රජයෙන් ඒ පිළිබද තමාට කිසිදු දැනුම්දීමක් සිදු නොකළ බව ඔහු පවසනවා. එමෙන්ම එෆ්බීඅයි සංවිධානයට අයත් නියෝජිතයින් විශාල පිරිසක් තම නිවසට ඇතුළු වූ බවත් අනතුරුව තමන්ගේ ආරක්ෂිත සේප්පු කඩා විවෘත කළ බවත් ට්‍රම්ප් නිවේදනයක් නිකුත් කරමින් කියාසිටිනවා. මෙවැනි පරීක්ෂා කිරීම් අත්‍යවශ්‍ය නොවන අතර දේශපාලනික වුවමනාවන් මත සිදුකෙරෙන බවටයි හිටපු ජනාධිපතිවරයා චෝදනා කරන්නේ. ඒ හරහා 2024 වසරේ ජනාධිපතිවරණයට තමා ඉදිරිපත්වීම වැළැක්වීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කරන බවද ඔහු සදහන් කරනවා.
The post ට්‍රම්ප්ගේ ෆ්ලොරීඩා නිවස FBI යෙන් වටලයි appeared first on ITN News.
Post a Comment