තායිවානය ආසන්න මුහුදු කලාපයේ චීනය තවත් යුද අභ්‍යාසයක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
ඇමෙරිකා නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයේ කතානායක නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයෙන් පසු ඊට විරෝධය පළකරමින් පසුගිය 4 වන දින සිට 7 වන දින දක්වා චීනය විශේෂ යුද අභ්‍යාසයක් පැවැත්වූවා. එය අවසන්වීමෙන් පසු ඊයේ දිනයේදී තවත් යුද අභ්‍යාසයක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. සබ්මැරීනයන්ට එල්ලවන ප්රහාරයන් වැළැක්වීම හා මුහුදේ දී ප්රහාරයන් එල්ල කරන ආකාරයන් සම්බන්ධයෙන් මෙම අභ්‍යාසය සිදුකර තිබෙනවා. එමෙන්ම මිසයිල 12 ක් පමණ අත්හදා බලා ඇති බවද සදහන්.
The post තායිවානය ආසන්න මුහුදු කලාපයේ චීනය තවත් යුද අභ්‍යාසයක් සිදුකරයි appeared first on ITN News.
Post a Comment