ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය පිළිබද සභාව කල්තැබීමේ පාර්ලිමේන්තු විවාදය හෙට ආරම්භ වනවා.
හෙට පස්වරු එකට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එළඹෙන බදාදා සහ සිකුරාදා දිනවල දී විවාදය පැවැත්වීමට සැළසුම්කර තිබෙනවා. මේ අතර අයවැය සංශෝධන පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කෙරෙන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසනවා. මේ වසරේ ඉතිරි කාලසීමාව සදහා සංශෝධිත අයවැයක් ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ද ප්රකාශ කර තිබුණා. එමෙන්ම වාර අවසාන කිරීමෙන් පසු අහෝසි වූ කාරක සභා යළි ස්ථාපිත කිරීම සදහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ද හෙට පත් කිරීමට සැළසුම්කර තිබෙනවා.
The post අයවැය සංශෝධන පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට appeared first on ITN News.
Post a Comment