කෙන්යාවේ නව ජනාධිපතිවරයා ලෙස වසර 10 ක් උප ජනාධිපති ධුරය හෙබවූ විලියම් රූටෝ තේරී පත්වුණා.
පසුගිය සතියේ පැවති කෙන්යා ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම දින කිහිපයකින් ප්‍රමාද වූ අතර ඒ හේතුවෙන් රට තුළ දැඩි දේශපාලන අස්ථාවරත්වයක් ගොඩනැගුනා. ජනාධිපතිවරණය විනිවිදභාවයෙන් තොර බව පවසමිනුයි ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද කිරීමට එරට මැතිවරණ කොමිසම පියවර ගත්තේ. කෙසේ වුවද අවසානයේ ප්‍රතිඵල නිවේදනය කරන අවස්ථාවේදී ද ගැටුමක් හටගත්තා. හිටපු අග්‍රාමාත්‍ය රයිලා ඔඩින්ගා පරාජය කරමින් උප ජනාධිපති විලියම් රූටෝ 50.5% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රහණය හිමිකර ගත්තා. රයිලා ඔඩින්ගාගේ මැතිවරණ ව්‍යාපාරය දූෂිත බැවින් නිකුත් කළ ප්‍රතිඵල සම්බන්ධයෙන් වගකීම භාරගත නොහැකි බව කෙන්යා මැතිවරණ කොමිසම සදහන් කරනවා. ජනතාවට අවශ්‍ය නම් ප්‍රතිඵල සම්බන්ධයෙන් අධිකරණය හමුවට යා හැකි බවයි එම කොමිසම නිවේදනය කරන්නේ.
The post විලියම් රූටෝ කෙන්යාවේ නව ජනපති වෙයි appeared first on ITN News.
Post a Comment