කොරෝනා වයිරසයට එරෙහි ද්විත්ව එන්නත භාවිතය සදහා අවසර ලබාදුන් පළමු රට බවට බ්‍රිතාන්‍ය පත්වුණා.
සාමාන්‍ය කොරෝනා වයිරසයට මෙන්ම ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිවයි මෙම එන්නත නිෂ්පාදනය කර ඇත්තේ. මීට පෙර භාවිත කළ එන්නත් ප්‍රතිචාර දැක්වූයේ සාමාන්‍ය කොරෝනා වයිරසයටයි. එළඹෙන ශීත සෘතුව ඉලක්ක කර ගනිමින් බූස්ටර් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ නව එන්නත හදුන්වාදීමට බ්‍රිතාන්‍ය පියවර ගත්තා. මිලියන 26 ක පිරිසක් බූස්ටර් එන්නත සදහා සුදුසුකම් ලබා ඇති අතර මෙම වසර අවසාන වනවිට එන්නත් මාත්‍රා මිලියන 13 ක් නිෂ්පාදනය කළ හැකි බවයි මොඩර්නා සමාගම සදහන් කරන්නේ. කෙසේ වුවද බූස්ටර් එන්නත ලෙස ලබාගත හැකි වයිරසයට එරෙහි ඕනෑම එන්නතක් ලබාගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
The post ඔමික්‍රොන් මර්දන ද්විත්ව එන්නතට අවසර දුන් ප්‍රථම රට appeared first on ITN News.
Post a Comment