Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්ථානයේ බිළිදු මරණ සංඛ්‍යාව ඉහළට  

Add comments

ඇෆ්ගනිස්ථානයේ අලුත උපන් බිළිදුන්ගේ ජීවිත රැක ගැනීම සදහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.

තලේබාන් සංවිධානයේ ඇෆ්ගනිස්තානයේ පාලන බලය අත්කර ගැනීමත් සමග එරටින් වාර්තා වන බිළිදු මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඇතැම් ප්‍රාන්තයන්ගෙන් වාර්තා වන බිළිදු මරණ සංඛ්‍යාව පසුගිය අගයන් මෙන් දෙගුණයකටත් වඩා වැඩි අගයක් ගෙන තිබෙනවා. පසුගිය වසරේ අගෝස්තු මාසයෙන් පසු ඇෆ්ගනිස්ථානයේ සෞඛ්‍ය පද්ධතියට විදෙස් රටවලින් හිමිවන අරමුදල් අහිමිවී යාමත් සමග මෙම තත්ත්වය උද්ගතවී තිබෙනවා. තලේබාන් සංවිධානයට විරෝධය පළකරමිනුයි විදෙස් සංවිධානයන්ගෙන් එරටට ලැබෙන ආධාර අත්හිටවූයේ. ගර්භනී මව්වරුන්ට ලබාදෙන වේදනා නාශක රෝහල් තුළ නොමැති අතර මව්වරුන් දෙදෙනෙකුට එක් ඇදක් පරිහරණය කිරීමට සිදුව තිබෙනවා. එමෙන්ම ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන් ද නොමැති බව සදහන්.

 

 

 

 

The post ඇෆ්ගනිස්ථානයේ බිළිදු මරණ සංඛ්‍යාව ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG