පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේදී ලක්මව පදක්කමකින් සැරසූ නෙත්මි අහිංසා පෝරුතොට අද අලුයම දිවයිනට පැමිණියා.
එංගන්තයේ බර්මින්හැම් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී කිලෝ ග්‍රෑම් 57 බරපන්තිය යටතේ මල්ලවපොර ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට නෙත්මි අහිංසා පෝරුතොට ක්‍රීඩිකාව සමත්වුණා. මල්ලවපොර තරගයෙන් පොදුරද මඩුලු ලෝකඩ පදක්කමක් හිමිකර ගත් පළමු අවස්ථාවද මෙයයි. නෙත්මි අහිංසා පෝරුතොට සිය පදක්කමද රැගෙන අද අලුයම කටුනායක ගුවන්තොටුපොලින් දිවයිනට පැමිණියා. එහිදී ගුවන්තොටුපොල විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත ඇය කැදවා විශේෂ පිළිගැනීමේ උත්සවයක් පැවැත්වුනා. ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ඇය උණුසුම් ලෙස පිළිගත්තා. ඇයගේ මව, පියා, නැගණිය ඇතුළු පවුලේ ඥාතීන්ද එම අවස්ථාවට එක්ව සිටියා.
The post පොදුරද මඩුලු ලෝකඩ පදක්කම්ලාභිනී නෙත්මි අහිංසා දිවයිනට appeared first on ITN News.
Post a Comment