ශ්‍රී ලංකා යුද හමුදාව කන්දකාඩු ගොවිපොලේ අක්කර 100ක සාර්ථක ලෙස බීජ බඩඉරිගු වගා කරනවා. ලබන මාස් කන්නය සදහා වගාවට අවශ්‍ය බඩඉරිගු බීජ ලබා දීම මෙමගින් අපේක්ෂිතයි.
කන්දකාඩු ගොවිපොල අක්කර දස දහසකින් සමන්විතයි. ඉන් අක්කර 3000ක් බඩඉරිගු වගා කිරීම සදහා යුද හමුදාවට පැවරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. පුනරුත්ථාපන අධිකාරිය ද කන්දකාඩු ගොවිපොල ආසන්නයේ පිහිටි ඔවුන්ගේ කදවුරේ ශ්‍රමදායකත්වයෙන් හෙක්ටාර 250ක බඩ ඉරිගු වගාවට යොමුව සිටිනවා. කන්දකාඩු යුද හමුදා කදවුර මගින් අක්කර 100ක මිරිස් වගාවක්ද ආරම්භ කර තිබෙනවා. ඊට අමතරවයි අක්කර 100ක බීජ බඩඉරිගු වගාව සදහා යොමුවී සිටින්නේ.
The post කන්දකාඩු ගොවිපොළේ සාර්ථක බීජ බඩඉරිඟු වගාව appeared first on ITN News.
Post a Comment