Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකානුවන්ට ප්‍රතිප්‍රහාරයක් එල්ලවීමේ දැඩි අවදානමක්  

Add comments

අල්කයිඩා සංවිධානයේ නායක අයිමාන් අල් සවාහිරි ඝාතනයෙන් පසු ඇමෙරිකානුවන්ට ප්‍රතිප්‍රහාරයක් එල්ලවීමේ දැඩි අවදානමක් ඇති බවට ඇමෙරිකා එක්සත් ජනපදය සිය පුරවැසයන් වෙත දැනුම් දී තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර සිය නිවසේ බැල්කනියේ සිටියදී සවාහිරි ඇමෙරිකා හමුදා ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්වුණා. සවාහිරි සැප්තැම්බර් 11 ලෝක වෙළෙද මධ්‍යස්ථාන ප්‍රහාරයේ ද මහ මොළකරුවෙකු ලෙසයි සැලකෙන්නේ.

71 හැවිරිදි සවාහිරි ඝාතනය කිරීම සිදුව ඇත්තේ නවීනතම යුද තාක්ෂණය භාවිත කරමිනුයි. ඉතා නිවැරදි ඉලක්කයකට අනුව ලේසර් තාක්ෂණය භාවිත කරමින් මිසයිල දෙකක් යොදාගනිමින් මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර ඇති අතර නිවසේ සිට ඔහුගේ බිරිදට සහ දියනියට කිසිදු හානියක් සිදුව නැහැ.

මීට පෙර ඉරානයේ ජෙනරාල්වරයෙකු වූ කසෙම් සොලෙයිමානි බැග්ඩෑඩයේ දී ඝාතනය කිරීමේදී ද මෙවැනිම යුද තාක්ෂණයක් භාවිත කෙරුණා.

 

 

 

 

The post ඇමෙරිකානුවන්ට ප්‍රතිප්‍රහාරයක් එල්ලවීමේ දැඩි අවදානමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG