නීතිවිරෝධී ලෙස බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාව බලා යාමට උත්සාහ කළ විසි හය දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා.
කන්කසන්තුරේ උත්තරනාවික හමුදා කදවුරේ නිලධාරීන් මාමුණෙයි මුහුදු ප්‍රදේශයේ කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා. බෝට්ටුවක් හා ට්‍රෝලර් යාත්‍රාවක් යොදා ගනිමින් මෙම පිරිස ඕස්ට්‍රේලියාව බලා ගමන් කරමින් සිට තිබෙනවා.
ඔවුන් පුනරීන්, කිලිනොච්චි, වෙත්තලයිකර්නි හා වාලච්චේන යන ප්‍රදේශවල පදිංචිකරුවන්. පිරිස අතර ළමයින් තුන්දෙනෙකුද සිටින බවයි පොලීසිය සදහන් කරන්නේ. මරදන්කර්නි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
The post නීතිවිරෝධීව බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාව බලා යාමට උත්සාහ කළ 26 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment