ගෝතමාලා රාජ්‍යයේ ප්‍රසංගයක් අතරතුර ඇති වූ තදබදයකින් පුද්ගලයන් 9 දෙනෙකු පෑගී මියගොස් තිබෙනවා.
මෙම සිද්ධියෙන් තවත් පුද්ගලයන් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගෝතමාලාවේ නිදහස් දිනය සමරමින් මෙම ප්‍රසංගය සංවිධාන කර තිබුණා. හදිසි ගිලන් රථ යොදා ගනිමින් විපතට පත් වූ ජනතාව රෝහල් වෙත රැගෙන යෑමට ආරක්ෂක අංශ කටයුතු කළා. සිද්ධිය සිදු වන අවස්ථාව වන විට වැසි සහිත කාලගුණයක් පැවති අතර ප්‍රසංගය පැවති භූමියේ මඩ සහිත තත්ත්වයක් ද ඇති වී තිබුණා. මිය ගිය පුද්ගලයන්ගේ අනන්‍යතාවන් මෙතෙක් අනාවරණය කර නැහැ.
The post ගෝතමාලා රාජ්‍යයේ ප්‍රසංගයක් අතරතුර ඇති වූ තදබදයකින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment