රැජිනට අවසන් ගෞරව දක්වන්න ලොව පුරා ජනාධිපතිවරුන්, අග්‍රාමත්‍යවරුන් සහ රාජකීයයන් සති අන්තයේ ලන්ඩන් නුවරට
අභාවප්‍රාප්ත දෙවැනි එළිසබත් මහ රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා ලොව පුරා ජනාධිපතිවරුන්, අග්‍රාමත්‍යවරුන් සහ රාජකීයයන් ලංඩන් නුවරට මෙම සති අන්තයේ දී රැස් වීමට නියමිතයි.
තුන්වන චාල්ස් රජතුමා විසින් බකිංහැම් මාළිගයේ දී විවිධ රටවලින් පැමිණෙන රාජ්‍ය නායකයන් පිළිගැනීම සඳහා විශේෂ වැඩසටහනක් සංවිධාන කර තිබෙනවා. රාජකීය අවමංගල්‍යයට සහභාගී වන ප්‍රධාන රාජ්‍ය නායකයන් අතර ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ ප්‍රංශ ජනාධිපති ඉම්මැනුවෙල් මැක්රෝන් සිටිනවා.
රාජකීය අවමංගල්‍යය සඳහා 2000කට වැඩි පිරිසක් ඇරයුම් ලබා තිබෙනවා. මහ රැජිනගේ දේහය මේ වන විට වෙස්ට්මින්ස්ටර් ශාලාවේ මහජන ගෞරවය සඳහා තබා ඇති අතර ලබන සඳුදා අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.
ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට කිලෝමීටර් 7කට වැඩි දුරකට මහජනතාව පෝලිම් සැදී සිටිනවා. තුන්වන චාල්ස් රජු සහ ඔහුගේ සහෝදර සහෝදරියන් රැජිනගේ දේහය වෙත විශේෂ ගෞරවයක් අද දැක්වීමට නියමිතයි.
The post රැජිනට අවසන් ගෞරව දක්වන්න ලොව පුරා ජනාධිපතිවරුන්, අග්‍රාමත්‍යවරුන් සහ රාජකීයයන් සති අන්තයේ ලන්ඩන් නුවරට appeared first on ITN News.
Post a Comment