වැඩිවන ජීවන වියදම හමුවේ ලොව රටවල් අතුරින් උද්ධමන ශ්‍රේණිගත කිරීම්වල 3 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව හත්වන ස්ථානය දක්වා පහත බැසීමට සමත් වී තිබෙනවා.
අනුගමනය කළ ආර්ථික උපාය මාර්ග සමගින් රටක් ලෙස මෙය අප ලැබූ ජයග්‍රහණයක්.
ශ්‍රී ලංකාවේ උද්ධමනය ස්ථාන 4 කින් මෙලෙස අඩු වී ඇති බව දක්වා ඇත්තේ ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබද මහාචාර්ය ස්ටීව් හෑන්ක්ගේ උද්ධමන ශ්‍රේණිගත කිරීම්වලට අනුවයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මහාචාර්යවරයා සදහන් කර ඇත්තේ. ශ්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමනය සියයට 106 ක් බවයි. ලෝක උද්ධමන ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවන්නේ සිම්බාබ්වේ රාජ්‍යයයි. කියුබාව සහ ලෙබනනය පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථානවල පසුවනවා.
තුර්කිය, මියන්මාරය සහ වෙනිසියුලාව පිළිවෙළින් හතර පහ සහ හය වන ස්ථානවල පසුවන බවයි එම දත්ත වාර්තා සදහන් කරන්නේ.
- =
The post හෑන්ක්ගේ උද්ධමන ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව 3න් 7ට පහළ බසී appeared first on ITN News.
Post a Comment