රුසියානුවන්ට වීසා ලබා දීම දැඩි ලෙස පාලනය කිරීමට යුරෝපා සංගමය එකඟ වී තිබෙනවා.
යුරෝපා සංගමයේ විදේශ අමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡාවක දී මෙම එකඟතාව ඇති වී තිබෙනවා. රුසියානුවන්ට යුරෝපයට වීසා ලබා දීම තහනම් කර නොමැති වුව ද වීසා ලබා ගැනීම ඉතා දුෂ්කර වනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. යුක්රේනය ඇතුළු රටවල් කිහිපයක් රුසියාවට එරෙහිව සම්පූර්ණ වීසා තහනමක් යොදන ලෙසට ඉල්ලා සිටියද ප්‍රංශය සහ ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් ඊට විරුද්ධ වී තිබෙනවා.
පසුගිය පෙබරවාරි මාසයේ දී රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ සිට මේ දක්වා මිලියනයකට වැඩි රුසියානුවන් පිරිසක් යුරෝපයට පැමිණ තිබෙනවා.
The post රුසියානුවන්ට වීසා ලබා දීම පාලනය කිරීමට යුරෝපා සංගමය එකඟ වෙයි appeared first on ITN News.
Post a Comment