පාකිස්ථානයේ ඇති වූ මහා ජලගැල්මට හේතුව දේශගුණික විපර්යාස බව විද්යාිඥයන් පවසනවා.
පාකිස්ථානයේ ඇති දේශගුණික බලපෑම පාකිස්ථානයට පමණක් නොව සමස්ත ලෝකයට ම ලැබුණු අවදානම් පණිවුඩයක් බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. මෙවැනි දැඩි ජලගැලීම් සහ ස්වභාවික ආපදාවලින් දිළිදු රටවල් පමණක් නොව සංවර්ධිත රටවල් ද ඉදිරියේ දී බලපෑමට ලක් වීමේ අවදානමක් පවතිනවා.
පාකිස්ථානයට පසුගිය වසර 30 ඇතුළත ලැබුණු සාමාන්‍ය වර්ෂාපතනයට වඩා සියයට 130ක වර්ෂාපතනයක් මෙවර ලැබී තිබුණා. දේශගුණ විපර්යාස සමග මෝසම් වැසි අක්‍රමවත් වීම මීට හේතුවයි.
The post පාකිස්ථානයේ ජලගැල්මට හේතුව දේශගුණික විපර්යාසයක් appeared first on ITN News.
Post a Comment