අතුරු අය වැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 120ක් ලැබුණු අතර විරුද්ධව ලැබුනේ ඡන්ද 05ක් පමණයි. ඒ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 3 දෙනා හා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකුයි.
මන්ත්‍රිවරුන් 43 දෙනෙකු ඡන්දය දීමෙන් වැලකී සිටියා. ඡන්දය විමසන අවස්ථාවේදී මන්ත්‍රිවරුන් 56 දෙනෙකු සභාගර්භයේ සිටියේ නැහැ. මේ අනුව වැඩි ඡන්ද 115 කින් දෙවනවර කියවීම සම්මත වුණා.
නව රජයක් ලෙස 2022 මුදල් වසරේ ඉතිරි කාලය සඳහා අතුරු අයවැයක් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 30 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අනතුරුව අයවැය පිළිබඳව විවාදය දින කිහිපයක් පුරා පැවැත්වුණා.
The post අතුරු අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 115කින් සම්මතයි appeared first on ITN News.
Post a Comment