මහා බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව පෞද්ගලිකකරණය කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් නැවත සිතා බලන ලෙස වැඩසටහන් නිෂ්පාදන සමාගම් 750කට වැඩි සංඛ්‍යාවක් මිළග අගමැති ධුර අපේක්ෂකයන්ගෙන් ඉල්ලා තිබෙනවා.
මහා බ්‍රිතාන්‍යයේ මීළග අගමැති ධුර අපේක්ෂකයන් වන රිෂී සුනක් සහ ලිස් ට්‍රස් වෙත විවෘත ලිපියක් යොමු කරමින් නිෂ්පාදන සමාගම් මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා. චැනල් ෆෝ නාලිකාව තවදුරටත් මහජන ආයතනයක් වශයෙන් පවත්වා ගෙන නොයන බවට මහා බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කර තිබුණා.
චැනල් ෆෝ ආයතනය පෞද්ගලිකකරණය කළහොත් තමන්ට ගුණාත්මක බවින් ඉහළ නිර්මාණය කිරීමට ඇති හැකියාව අවම වන බව වැඩසටහන් නිෂ්පාදන සමාගම් ප්‍රකාශ කරනවා.
The post පෞද්ගලීකරණය කරන්න යන චැනල් 4 නාලිකාව appeared first on ITN News.
Post a Comment