චීනයෙන් එල්ලවන විරෝධතා නොතකා තායිවානයට ඇමෙරිකා ඩොලර් බිලියන 1.1ක නවීනතම අවි ආයුධ අලෙවි කිරීමට ඇමෙරිකා එක්සත් ජනපද රජය තීරණය කර තිබෙනවා.
තායිවානයට ඇමෙරිකා ඩොලර් බිලියන 1.1ක අවි අලෙවි කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය අනුමත කර තිබෙනවා. යුධ නෞකා නාෂක මිසයිල සහ ගුවනේ සිට විදිය හැකි මිසයිල මෙම අවි තොග අතර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. මෙම ගනුදෙනුවත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර පවතින ආතතිකාරී බව තවත් ඉහළ යා හැකි බව දේශපාලන විචාරකයන් පවසනවා. තායිවානයේ යුද ශක්තිය නවීකරණය කිරීමේ වැඩපිළිවෙලේ කොටසක් ලෙස මෙම අලෙවිය සිදුකරන බව ඇමෙරිකා රජය සඳහන් කර තිබුණා. චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ මෙම අවි ගනුදෙනුව ආපසු හරවා ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදය වහා කටයුතු කළ යුතු බවයි.
The post චීනයේ විරෝධතා නොතකා තායිවානයට අවි ආයුධ අලෙවි කිරීමට ඇමෙරිකාව තීරණය කරයි appeared first on ITN News.
Post a Comment