ණය වාරික ගෙවීම නතර කිරීම තුළින් යම් අකටයුත්තක් සිදුවී ඇත්නම් එහි වගකීම භාරගැනීමට එවකට මුදල් අමාත්‍යවරයා ලෙස තමා සූදානම් බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
මේ අතර ඉදිරියේදී රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය රුපියල් 300ක් දක්වා පහත වැටෙනු ඇති බවද අලි සබ්රි මහතා මෙහිදී ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රි ගෙවිදු කුමාරතුංග මහතා ප්‍රකාශ කළේ මුදල් බලය හිමි පාර්ලිමේන්තුවට නොදන්වා ණය වාරික ගෙවීම නතර කිරීම සුදුසු ද යන්න ප්‍රශ්න කිරීමේ අයිතිය මහජන නියෝජිතයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්රිවරයෙකුට හිමි බවයි.
The post ණය වාරික ගෙවීම නතර කිරීමේ දී අකටයුත්තක් වෙලා නම් වගකීම භාරගන්නම් – අලි සබ්රි appeared first on ITN News.
Post a Comment