කොළොම්බියාවේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නිරිතදිග කොළොම්බියාවේ අධිවේගී මාර්ගයකයි මෙම අනතුර සිදු වූණේ. බස් රථය පෙරලීයාමෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබුවන් අතර තුන් හැවිරිදි දැරියක සහ අට හැවිරිදි පිරිමි දරුවකුද සිටින බවයි වාර්තා වන්නේ. බස් රථයේ තිරිංග පද්ධතියේ ඇති වු යාන්ත්රණික දෝෂයක් හේතුවෙන් බස් රථය අනතුරට ලක්වී ඇති බවටයි සැක පළ කරන්නේ. කෙසේවෙතත් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මකයි.
The post කොළොම්බියාවේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment