Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ත්‍රිකුණාමල සංවර්ධන සැලැස්ම ඡන්දයක් ඉලක්ක කරගෙන නොවෙයි – මතු පරපුර වෙනුවෙන්  

Add comments

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ක්‍රමෝපායික සංවර්ධන සැලැස්ම ඡන්දය ඉලක්ක කරගත්ත එකක් නොව මතු පරපුර වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.ත්‍රිකුණාමලය වරාය ක්‍රමෝපායික වරායක් ලෙස දියුණු කළ යුතු බව ද ජනාධිපතිතුමා කියා සිටිනවා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම පිළිබද ත්‍රිකුණාමලයේ පැවති විශේෂ සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. මෙම සාකච්ඡාව ආරම්භ වීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඕස්හිල් එලිමහන් භූමියේ සිට ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම යටතේ සංවර්ධනය කිරීමට යෝජිත ස්ථාන කිහිපයක් නිරීක්ෂණය කළා. සාකච්ඡාවේදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේදී ඉන්දියාව සමග එක්ව කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නා.

සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරයා ත්‍රිකුණාමලය ගාන්ධි වටරවුම ආසන්නයේ පිහිටි වෙරළ තීරය සංචාරක ආකර්ෂණය දිනාගත හැකි ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට යෝජිත ව්‍යාපෘති භූමිය නිරීක්ෂණය කිරීමට ද එක් වුණා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්  කණ්ඩායමක්  ද හමු වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසීමට ද ක්‍රියා කළා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක , ජනාධිපති ලේකම් සමන් ඒකනායක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් යන මහත්ම මහත්මීන් මෙන්ම රජයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්තාවට සහභාගී වුණා.

 

 

 

 

 

 

The post ත්‍රිකුණාමල සංවර්ධන සැලැස්ම ඡන්දයක් ඉලක්ක කරගෙන නොවෙයි – මතු පරපුර වෙනුවෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG