සරණාගතයින් ලෙස ඉන්දියාවට ඇතුළුවූ ශ්‍රී ලාංකිකයන් 10 දෙනෙකු එරට නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අතර මාස 3ක කුඩා දරුවෙකු ද සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
තමිල්නාඩුවේ ධනුෂ්කොඩි වෙත මුහුදු මාර්ගයෙන් අදාළ පුද්ගලයින් පැමිණ ඇති අතර එහිදී ඉන්දීය නාවික හමුදාව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ශ්‍රී ලාංකිකයින් පිරිස මණ්ඩපම් සරණාගත කඳවුර වෙත භාර දීමට කටයුතු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා සරණාගතයින් ලෙස ශ්‍රී ලාංකිකයින් 200කට ආසන්න පිරිසක් ඉන්දියාව වෙත පළාගොස් තිබෙනවා.
The post ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment