T20 ලෝක කුසලාන තරගාවලිය අතරතුර ඔස්ට්‍රේලියාවේදී ලිංගික අතවර කිරීමේ චෝදනාවට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ධනුෂ්ක ගුණතිලක ඉරිදා රාත්‍රිය ගත කළේ සරී හිල්ස් පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුළ බවයි සිඩ්නි මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔහුගේ නීතීඥ ආනන්ද අමරනාත් ඩේලි ටෙලිග්රාෆ් වෙත පවසා ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩකයා ඕස්ට්‍රේලියාවෙන් පිටව යාම සඳහා කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම ගැන ඉතා කනස්සල්ලට පත්ව සිටින බවයි.
“ඔහු ශ්‍රී ලංකාවට ආපසු යාමට නොහැකි වුවහොත් කුමක් සිදුවේවිද යන්න පිළිබඳව ඔහු දැඩි කනස්සල්ලෙන් පසුවනවා. මේවා බරපතල චෝදනා වන අතර මෙය අවසන් කිරීමට වසරක් හෝ ඊට වැඩි කාලයක් ගතවේවි, එබැවින් ඔහු ඒ ගැනද දැඩි කනස්සල්ලෙන් පසුවෙයි.”
ඔස්ට්‍රේලියානු පොලිසිය ධනුෂ්ක අත්අඩංගුවට ගත්තේ සෙනසුරාදා රාත්‍රියේ කණ්ඩායම ආපසු සිය රට බලා යාමට අලුයම ගුවන් යානයකින් ඔස්ට්‍රේලියාවෙන් පිටත්ව යාමට සූදානම් වෙමින් සිටියදීයි.
ධනුෂ්ක ගුණතිලක අද සිඩ්නි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඇප ප්‍රතික්ෂේප කරන ලෙස යළි ඉල්ලා සිටින බව සිඩ්නි පොලිසිය පවසයි.
The post ධනුෂ්ක අද උසාවියට appeared first on ITN News.
Post a Comment